Skip to main content

NODEMCU Board එකෙන් Wifi Car එකක් හදමු


ආයුබෝවන් යාලුවනේ
අද අපි NODMCU එකෙන් wifi වලින් වැඩ කරන car එකක් හදමු.
මේ සදහා මම නිර්මාණය කරපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියෙනවා ඒ ඇප් එක මෙතනින් Download කරගන්න. ඊට අමතරව ඔයාට මේ සදහා අවශ්‍ය වෙන්නෙ.


NODEMCU ESP8266



LM298






  1. Nodmcu Board 1 ක්
  2. Motor Module 1 ක්
  3. 2 or 4 wheel robot car kit 1 ක්
  4. Power Bank or 5v Battery

මේ ලිපියේ අරමුණ තමයි ඉතාමත් සරලව ඉක්මනින් ඒ නිසා ගොඩක් වැල්වටාරම් කියන්න යන්නෙ නෑ. පහත තියෙන diagram එකේ විදිහට තමයි ඔයාගේ පරිපතය හදාගන්න ඕනේ


මෙතනදි අපි විදුලිය ලබා දෙන්න භාවිතා කරන්නේ power bank එකක් ඊට හේතුව තමයි මෙහි වියදම අඩුකරන එක අද කාලේ ඔයාල හැම කෙනෙක් අතේම පවර් බැන්ක් එකක් තියෙනවා. හරි එහෙම නැති උනාට ප්‍රශ්නයක් නෑ 5v දෙන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න්න පුලුවන්නම්. nodemcu එකට 3.3v අවශ්‍ය වෙනවා නමුත් ඔයා regulator දාලා ඒකට වෙනම power supply හදන්න ඔනේ නෑ  usb port එකටම power දෙන්න. motor module එකේ vcc pin එකට සහ 5v පින් එකටත් වෙනම 5v දෙන්න ඕනේ මතක ඇතුව motor module එකේ gnd (-) nodemcu එකේ gnd (-) පින් එකට සම්බන්ද කරන්න. 

ඔයාට රෝද 4ක් තියෙන Robot-Car-Kit ගන්න බැරි උනානම්  Round Double Deck Smart Robot Car Kit එක ගන්න. හැබැයි මමනම් මේකට පාවිචිචි  කරේ රෝද 4ක් තියෙන එක. එකේ මිල 1670ක් වගේ තමයි කෑගල්ලෙනම්.  ඔයාගේ පළාතේ මේවා මිලදීගන්න තැනක් නැත්තන් දුක් වෙන්න ඕනේ නෑ. online shop කිහිපයක්ම තියෙනවා duino.lk,senith.lk,lankatronics වගේ . මේවගෙන් ඇනවුම් කරන එකතමයි කරන්න පුලුවන් හොදම විදිහ මොකද දවසක් ඇතුලත ගෙදරටම එන නිසා.

හරි කාර් එක හදාගත්ත කියල හිතමුකෝ දැන් කරන්න තියෙන්නේ  පහත ලින්ක්  එකේ තියෙන  code එක ඔයාගේ එකට upload කරන එක. 
ඔයා nodemcu එකට ආධුනිකයිනම් අනිවාර්යයෙන්ම නිසල් හේවගේ සහෝදරයගේ මේ වීඩියෝ දෙක බලන්න එහෙම නැතිනම් code එක upload කරන්න යද්දී ඔබ අපහසුතවයට පත් වෙන්න පුලුවන් 

 code එක upload කරන්න කලින් code එකේ පහත පෙන්නල දීල තියෙන කොටසේ 
ඔයාගේ wifi network එකේ  ssid එකයි password එකයි දෙන්න ඕනේ, ඔයාට wifi network එකක් හරි hostpot එකක් හරි නැත්නම් දැන් පාවිච්චි කරන Android Device එකේ Hostpot එකක් හදාගෙන ඒකේ ssid එකයි password එකයි ලබාදෙන්න. 
හරි දැන් code එක upload කරගන්න. 

මේ LINK එකෙන් Android ඇප් එක Download කරගෙන Install කරගන්න. ඊට පස්සේ ඔයාට පොඩි දෙයක් කරන්න තියෙනවා ඒතමයි ඔයාගේ wifi network එකට nodemcu එක සම්බන්ධවෙලා ඉන්න ip එක හොයාගන්න එක ඒත් එච්චර අමාරු නෑ. ඔයාට තියෙන්නෙ ඔයාගේ network ip එකේ 3වෙනි octet එක හොයාගන්න එක 
     ඔයා පාවිච්චී කරන්නේ huawei router එකක්නම් එයාගේ 3වෙනි octet එක  8 

Prolink නම් 1 
ZTE නම් 0
TP LINK නම් 0
Android Hostpot එකක්නම් 3වෙනි octet එක බොහෝ දුරට 43 තමයි.
මේක හොයාගන්න ඒතරම් අමාරු වෙන්නෙ නෑ හැම Router එකකම යටින් Default IP address එක සටහන කරල තියෙනවා. ඒ දිහා බලල 3වෙනි octet එක විතරක් පහත ඇප් එකේ සදහන් කරලා Find Car කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ඔයාට පෙනෙයි 0 ඉදන් එයා ගනන් කරගෙන යනවා එතනින් කරන්නේ ඉතාමත සරල දෙයක් 0-255 වෙනකල් තියෙන IP address වලට ඔයාගේ Nodemcu එක සම්බන්ධ වෙලාද තියෙන්නෙ කියල check කරල බලනවා. මේක් නැවත නැවතත් කරන්න ඔන්නෙ නෑ . ආය ඇප් එක open කරන වෙලාවට කලින් වැඩ කරපු ip එක save වෙලා තියෙනවා. ගොඩක් දුරට ඒක වෙනස් වෙන්නෙ නෑ.  Router එක off කරල on කරපු වෙලාවට සමහර router වලනම්  වෙනස් වෙනවා.    
      
හරි දැන් ඔයාට තියෙන්නෙ Car එක  Control කරන එකයි මෙතන තියෙන ඊතල සහිත බොත්තම් වලින් Car එක Forward ,Backward ,Left ,Right විදිහට Move කරන්නත් මැද තියෙන රතු බොත්තමින් නවත්තන්නත්  පුලුවන්.  එතකොට මොකටද මේ පාට පාට බොත්තම් ?    ඒවට මම විශේෂයෙන් මොකුත්ම ඇඩ් කරල නෑ ඔයාට කැමති දෙයක් කරන්න පුලුවන් code එකක් ඇඩ් කරන්න උදාහරණයක් විදිහට servo motor එකක් control කරන්න. LIGHT පත්තු කරන්න වගේ ඕනේ දෙයකට යොදාගන්න. ඔය C1 ඉදන් C10 වෙනකල්  තියෙන ඒවට තමයි ඔයාට ඕනේ Code දාන්න ඕනේ 
          

  
හරි වැඩේ හරි දැන් ඉතින් ඔයාට කැමති විදිහකට code එක වෙනස් කරල වැඩිදියුනු කරගන්න ලගදිම අලුත් update එකකින් මම එනවා. මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම්  හවස 6- 12 කාලේදි අහන්න වෙරී සොරී පුතා අනිත් වෙලාවට උත්තර දෙන්නනම් වෙන්නෙ නෑ. මොකද මම කරන ජොබ් එක නිසා.  ඒත් කමක් නෑ inbox කරල තියන්න 

මේ නිර්මාණය ඉදිරියට අරන් යන්න සුදුසුයිනම් පහතින් අදහස් දක්වලා යාලූවෝ හැමෝටම පෙන්න share කරන්න.

ඔබට ඔබේම  පිහිටයි.   
  බුදුසරණයි!       2018/6/20






   




    

Comments

Post a Comment

Popular posts from this blog

කැමති පාටකින් LED ආලෝක කරනය කරමු RGB + NODEMCU + PWM

ඔයාල දැකල ඇති අලෝක කරනයේදී ගොඩක් තැන්වල RGB Red ,Green , Blue විදුලි බුබුලු යොදාගන්නවා. අපිත් බලමූ ඒවගේ බල්බයක් හදාගන්නෙ කොහොමද කියල  ඔයාල දන්නවනේ ආලෝකේ මූලික වර්ණ 3 රතු කොළ නිල් බව මේ වර්ණ 3 භාවිතා කරලා ඔනෙම වර්ණයක් හදන්න පුලුවන් කියලත් ඔයා දන්නවා ඇති. මූලික වර්ණ වලින් අනෙකුත් වර්ණ හැදෙන හැටි  රතු කොළ නිල් කියන වර්ණ තුන තියෙන බල්බ තියෙනවනම් අපිට අවශ්‍ය කරන ඕනෑම වර්ණයක් හදගන්න පුලුවන් කියල ඔබට වැටහෙනව ඇති. ඉතින් අපිට මේ දේ කරන්න ඕනේ වෙනවා  RGB LED 1ක්  NODEMCU /Arduino uno Board 1ක් Project Board ක් Jumper Wire  කිහිපයක්  C828/D400/D313  3ක්   මේ දේවල් ටික සපයා ගන්න පුලුවන් උනා නම් අපිට පුලුවන් පරිපතය ගොඩනගන්න         ඉහත රූපයේ ආකාරයට පරිපතය සකසා ගන්න ඕනේ නමුත් මේ රූපයේ පරිදි C828  Transistor අවශ්‍යම වෙන්නෙ නෑ මාහට එවා භාවිතා කිරිමට සිදූ උනේ RGB LED එක Common Anode එකක් වීම නිසයි NodeMCU Board එකෙ (+) out put එක කෙලින්ම RGB එකට සම්බන්ධ කරන්න් බෑ ඒ එහි වර්ණ වලට අදාල pin 3න සම්බන්ධ කළ යුතු...